සත් මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නවනම්sath mahalin baesa ennam oba maa piligannawanam

Sath Mahalin Basa Ennam Oba Ma Piligannawanam

Lyrics

සත් මහලින් බැස එන්නම්
ඔබ මා පිළිගන්නවනම්
ආදරයේ පියගැටපෙල පාර කියාවී
මහ පොළොවට පිළිගන්නම්
සිටු සැප හැර එනවා නම්
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවී

සිරියහනේ පොකුරු පිච්ච මල් තනිවේවී
දුකට කඳුළු අහස වසාවී
පන් පැදුරේ අළුත් පැතුම් දළු ලියලාවී
ඒ පැදුරෙන් අප නොවැටේවී

සත් මහලින් ....

සත් මහලට පෑයූ සඳ පැලටත් ඒවී
ඔබේ ලොවට එළිය වැටේවී
සඳ නාවත් මගේ මගේ පැලේ එළිය ගලාවී
ඔබට පුරා සඳ පරදීවී

සත් මහලින් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.