සත් කුළු පව්sath kulu paw

Sath Kulu Paw

Lyrics:
මහගමසේකරmahagamaseekara

Lyrics

සත් කුළු වැව් වළළු මතින් ලොවට වඩින හිරු
සත් සමුදුරු වළළු දියෙන් නිමිද නගන හිරු
සත් ගුවණින් කිරණ තනා එළිය ගෙනෙන හිරු
සිත් තුළ ඇති අඳුර මකන් එළිය පිරුණ හිරු

සඳ දහසක් පායන රෑ එළිය නොවන සිතූ
තරු දහසක් පායන රෑ එළිය නොවන සිතූ
නෙතු දහසක් මිණි පහනින් එළිය නොවන සිතූ
ඔබ පහසක් ලද පමණින් එළිය නොවන සිතූ

රෑ පෙරයම නිදි නොලබා සිහින සොයන නෙතු
රෑ මැදියම නිදි සොහොනේ සිහින දකින නෙතු
රෑ අළුයම බොල් පින්නේ කදුළු හෙළන නෙතු
දාවල විත් අවදි කරන් නිදන නිසල නෙතු

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.