Lyrics
වළාකුලෙන් පාවී ඇවිත් ගීයක් ලියා
මාගේ ලෙයින් කතරේ කෙළවර සොයා
යන්නේ තනියම ඔයා
සසරෙන් ආ මිතුරා
කොයිද නැවතත් සැඟවුනේ
අහසෙන් ආ ඇරයුම්
රැගෙන තනිකලා මා මිහිතලේ
ඇයි මා හා තනිකළේ......
යළි එන හෙටක් ගැන ගැන හිතත්
මැරි මැරි සිටිත් කල්පාන්තරයක්
ක්ෂිතජේ කෙළවර සොයා
ඉන්නම් හමුවන තුරා.....
සසරෙන් ආ.....
නිම්තෙරක් නොපෙනෙන මාරුතේ
සංහිඳ වී ඔබ ඈතින් පෙනේ
මා එනකල් මග බලමින් ඇතේ
එතෙර වන්නට පෙර තොටුපලේ.....
සසරෙන් ආ.....