සසරේ මහ සයුරේ තනි වූ විටsasaree maha sayuree thani wuu wita

Sasare Maha Sayure Thani Wu Wita

Lyrics

සසරේ මහ සයුරේ තනි වූ විට
ඔබ පහුරක් වූවා
කතරේ ජීවන ගැල පදවනදා
ඔබ තරුවක් වූවා
මා ආදර පිය ළඳුනේ

කරදර බාධක මග අහුරනදා
සිනා සෙමින් ඉදිරියට ගියේ
සම්පත් පොදි බැඳ දොරට වඩින සඳ
කිසිදා ඔබ නැත උඩඟු උනේ
මා ආදර පිය ළඳුනේ

බර උසුලා ගෙන යන මේ ගමනේ
සිවු මංසල් වල විඩා නිවා
ඔබ ළඟ නැති නම් ගමන නොයා හැක
අත් වැල් සවියයි ඔබ ළඳුනේ
මා ආදර පිය ළඳුනේ

සසරේ මහ සයුරේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.