සසර සයුරෙන්sasara sayuren

Sasara Sayuren

Lyrics

(සසර සයුරෙන් එතෙර වෙනකං
ඔබේ අත මං අරන් යන්නං...//)

සීත දිය ඈත මෑත වෙන පාට පාට ගැඹරේ
වාළුකා නෑවී නෑවී නැගෙනා රළ අතරේ
(කවඩි මුතු සේදී සේදී රැඳෙනා ගිරි පවුරේ
ඔබේ මතු දෑස දිලිසී දිලිසී මාව සෙව්වේ...//)

සසර සයුරෙන්.../

මේඝ ගොර ගර්ජනා නැගෙනා අඳුරු දියඹේ 
සුසුම් මැද පාවී පාවි සැලෙනා කුණාටුවේ
(ශෝක හද වාවගනු බැරි වී ඉබේ හැඬුනේ
ඔබේ මදහාස පහස හින්දයි මා සැනසුනේ...//)

සසර සයුරෙන්...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.