සසර දිනෙක පින් කළාටsasara dhineka pin kalaata

Sasara Dineka Pin Kalata

Lyrics

සසර දිනෙක පින් කළාට
මේ භවයෙදි හමුවන්නට
එකතු වෙන්න පින් කරලා නෑ ...//

මතු භවයක මේ විලසට
ඔබ හා මා හමුවන විට
කසාවතින් ඔබ දකින්නෙ නෑ
නුඹෙ සෙවනැලි මම මකන්නෙ නෑ

පසළොස්වක පෝය දිනදි
බුදු හිිමි හට මල් පුදද්දි
මගේ පැතුම ඔබ හමුවන්නයි
මතු භවයක ඔබ හිමි වන්නයි

පිනෙන් පිරුණු පුන් සඳ සේ
රුව්න් දිලෙන ඔය මුහුණට
මේඝ වළාවන් නොම ඒවා
මතු භවයක ඔබ හිමි වේවා

සසර දිනෙක පින් කළාට ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.