සසල සෙනේsasala senee

Sasala Senehasa

Music:
සෙනංඟ දිසානායකsenannga dhisaanaayaka
Lyrics:
ටිරාන් යාපාtiraan yaapaa

Lyrics

සඳ නැති රෑ නෙතු මඬලේ පිපුණු මලේ සුවඳ හමා 
නුඹ සොයනා ඒ ආදරේ අරුත හැඟේ මට ළඳුනේ
සොයනු දැනේ සසල සෙනේ......

කලක් පුරා ඈ සිතුවිලි අමුණා රැය ගෙවනා අයුරු
මනසේ මවනා හිරු දැවෙනා වීදි පුරා 
ඇය සෙවු දේ නෙත ගැටුණා
නුඹ සොයනා ඒ ආදරේ අරුත හැඟේ මට ළඳුනේ
සොයනු දැනේ සසල සෙනේ......

සැන්ඳෑ යාමය එළඹෙන මොහොතේ වත්සුණු තවරා
පෙර මං බලනා ගත වෙහෙසා රැඟුම් රඟා
හෙට දවසේ පසුතැවෙනා
නුඹ සොයනා ඒ ආදරේ අරුත හැඟේ මට ළඳුනේ
(සොයනු දැනේ සසල සෙනේ......//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.