සසදර මන නන්ද sasadhara mana nandha

Sasadara Mana Nanda (Gajaman Puwatha)

Lyrics:
දයානන්ද ගුණවර්ධනdhayaanandha gunawardhhana

Lyrics

සසදර මන නන්ද බඳු වද මකුළින් ද
යුග තන පිරිපුන්ද ග‍න රන් කුඹු මෙන් ද
මත වර වරනින් ද සසොබන මන නන්ද
කත නුඹ ළඟ ඉන්ද නොලැබුනෙ පවකින් ද...

කුන්ඩ මහන පොබකල මැති සඳුනි යසා
අන්දකාරයට ඇවුලූ පහන ලෙසා
නන්ද ම ගත දි‍ලුනත් රූපෙන් සතොසා
නින්ද බැරිය මා ළඟ ඔබ සිතන ලෙසා...

පිණවන සිත් සුරතල් බස් දෙ‍න ලීලේ
ගුණ යහපත් සොඳුර නුඹ වෙත බැඳි ආලේ
බැඳි මා සිත් නුඹ ළඟ ඇතිවෙයි දෙවෙලේ
පණ ගිය මුත් නොහරිමි ‍නුඹ වෙත ආලේ...

ආදරේ බැරිද ඉවසා ගෙන ඉන්ද‍
සාගරේ බැරිද පීනා ගොඩ යන්ද‍
මේ සැරේ දීපු දුක ඇත දැනගන්ද‍
ආදරේ මොකද ඔය හැටි ගැහැණුන්ද‍...

වෙනසක් නොව අදරි‍න් එක පණ ලෙසින
ලෙඩ දුක් දුරැර රැක ඉන්නට එක යහන
ම ඇසක් සදිසි කුළු නැති පියො බඳෙ සොබන
සැපතක් වෙන කුමට ලැබුනොත් එම පමණ...

මල් පිපුණොත් සුවඳට බඹරුන් එනවා
ගඟ තිබු‍ණොත් කවුරුත් දියවර බොනවා
වැසි තිබුණොත් සරු නැති බිම් සරු වෙනවා
රුව ති‍බුණොත් අපටත් සැම තුටු වෙනවා...

නෙතට දුකයි නුඹෙ උවනත නොදැකීම
කණට ‍දුකයි නුඹෙ අම බස් නොඇසීම
කයට දුකයි නුඹෙ සුපහස නොලැබීම
හිතට දුකයි මෙලෙසින් නිති පසුවීම...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.