සරුංගලේ උඩ අහසේsarungalee uda ahasee

Sarungale Uda Ahase

Lyrics

සරුංගලේ උඩ අහසේ පාවී යනවා
ඉද්ද ගහේ මල් පිපිලා සුළඟේ වැනෙනවා
මාත් එක්ක පොඩි නංගී බලා ඉන්නවා
මේ වාගේ අපට නෑනේ කියලා හිතෙනවා.....

දෙවැට දිගේ පොඩි හඳයා පැන පැන යනවා
පුංචි මාළු වරල් සලා පීනා යනවා
මාත් එක්ක පොඩි නංගී බලා ඉන්නවා
මේ වාගේ අපට නෑනේ කියලා හිතෙනවා.....

සෙල්ලම් බත් උයන්න මට එපා කියනවා
ගම් දෑලේ දුව පනින්න එපා කියනවා
වෙල් එළියේ දඟ කරන්න එපි කියනවා
එපා එපා එපා කියන කියුම් නිතර ඇහෙනවා.....

මට ආසයි මලක් වෙලා සුවඳ ගෙනෙන්න
වළාකුලක් වගේ අහසේ පාවී යන්න
ගහට වැලට කුරුල්ලන්ට කතා කරන්න
අපිට අපේ පුංචි ලෝකේ ඉන්නට දෙන්න.....

සරුංගලේ උඩ අහසේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.