සරසවියෙදි හෙට විතරයි හමුවන්නේsarasawiyedhi heta witharayi hamuwannee

Sarasaviyedi Heta Witharai Hamuwanne

Lyrics

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ //

මොරසූරන මහ වැස්සේ තනිකුඩයේ
අපි තනිවී දොඩමළුවූ හැටි පෙනියේ
කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ 
මතකද මහවැලි දෑලේ සපු සෙවනේ 

කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ලපළු හෙවනේ සරතැස නිවුනේ
අපේ මියුරු සීන පිරුණු රජදහනේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ

කෝල බැලුම් හෙලා රඟන පරෙවියනේ
මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ
හීනෙන් දැකුමට විතරයි උරුම වුනේ
හන්තානේ කුමරියෙ නාඩන් ළස‍ඳේ

සරසවියෙදි හෙට ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.