සරාගි සිහින අන්ධකාරේ මායාsaraagi sihina andhhakaaree maayaa

Saragi Sihina Andakare Maya

Lyrics

සරාගි සිහින අන්ධකාරේ මායා යාමේදී
සමීප සුවඳ ඉකිබිඳීවී දුක සේ පිබිදී //
වියෝග කඳුලු කඳුලු ගෑවී මා හද දෙවැටේ පිපී
සමන් මලේ සමනලී මගේ මා හට අහිමී

වසන්තයක් අරන් හෙමින් ඇවිල්ලා
මලින් මලේ හැගුම් තබා ගිහිල්ලා
සඳුන් රුවා සුසුම් මවා ප්‍රේමනීය පුවත අරඹලා
ගියාට හැර ගියාට වෙනස් වෙන්න නෑ
පැතුම් පුරා සුසුම් පුරා ප්‍රේමනීය සුවඳ ගල්වලා ඈ
වසන්තයක් අරන් හොරෙන් ගිහිල්ලා
මහ දුකක් ජීවිතේට දී ගිහිල්ලා
ප්‍රේමනීය ඈ .... දුකක් දී ගිහිල්ලා 

සරාගි සිහින අන්ධකාරේ ඇයමයි රැජිනී
සමීප සුවඳ සේ සදාකල් ඔබගේ සොඳුරි 

වසන්තයක් අරන් හෙමින් ඇවිල්ලා ....

සරාගි සිහින අන්ධකාරේ ඇයමයි රැජිනී
සමීප සුවඳ සේ සදාකල් ඔබගේ සොඳුරි 

සරාගි සිහින අන්ධකාරේ මායා යාමේදී
සමීප සුවඳ ඉකිබිඳීවී දුක සේ පිබිදී //

සරාගි සිහින අන්ධකාරේ ඇයමයි රැජිනී
සමීප සුවඳ සේ සදාකල් ඔබගේ සොඳුරි 

වියෝග කඳුලු කඳුලු ගෑවී මා හද දෙවැටේ පිපී
සමන් මලේ සමනලී මගේ මා හට අහිමී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.