සරාගයේsaraagayee

Saragaye

Music:
සනුක වික්‍රමසිංහsanuka wikramasinha
Lyrics:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

Lyrics

නිය රටා මවනවා අප අතරේ වූ කතා
රැය පුරා උණුහුමේ මල් පෙති තලා
සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා
ආදරෙන් නග්න වූ හිමිකම් සොයා
උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා.....

සරාගයේ රැයේ පිනි බිඳුවක් වී වැටී
මා සිතේ හිඩැසක් මවා
යහන්තලේ වැතිරී අද තනිකම ඉතුරු වී
සද ඇතිරිල්ලේන් වෙලී තනිවුණා.....

කාමරේ මුළු පුරා නෙක සලුපිලි තනිවෙලා
මා සිතින් හඬනවා දෙස බල බලා
මං මුලා වූ සිතින් මා මල් සුවඳක් විඳිනවා
නැති ඉමක් ඇති රුවක් හා මා වෙලී
උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා.....

(සරාගයේ රැයේ පිනි බිඳුවක් වී වැටී
මා සිතේ හිඩැසක් මවා
යහන්තලේ වැතිරී අද තනිකම ඉතුරු වී
සද ඇතිරිල්ලේන් වෙලී තනිවුණා ...///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.