සරා සඳේ සිනා සේලේsaraa sandee sinaa seelee

Sara Sande Sina Sele

Lyrics

සරා සඳේ සිනා සේලේ
ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ
සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා

වැතිරී සීත මීදුම් යායේ
හදේ වේදනා
හඬා වැටේ එදා ඇසූ
ඔබේ ගීතිකා

සැඟවී ඈත මේ හිම යායේ
කොහේ පාවෙලා
මිලාන වී ගියාද ඒ
සිනා වාසනා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.