Lyrics
සරා සඳ වගේ සිනාසුනා
වළා පටලයේ ගිලී ගියා
සදා තනි කලා මගෙ හද සදා
සැඟවී ගියා...
සැඟවී ඔබ ගියා...
හමුවෙලා වෙරළේ පෙරදා
සැනසුනා සිතුනා ඔබ හා මා
සයුරේ රළ වගේ
නැහැ නැවතුනෙ ළඟ මගේ
හඬවා ගියා...
හඬවා ඔබ ගියා...
සරා සඳ වගේ.......
තනිවෙලා සයනෙ හඬනා මා
සැනසෙනා සිහිනේ ඔබ ගාවා
අහසේ සඳ වගේ
යළි එනු මැනේ හිමි සඳේ
හිඳමි බලා....
හිඳමි ඔබ බලා....
සරා සඳ වගේ.......