Lyrics
සපුමල් සුවඳක් සේ සීතල රෑ යාමේ
හද කුටියට ඔබ හෙමිහිට වැඩියා
කිසිවකු නෑ දුටුවේ
සපුමල් සුවඳක් සේ
හැන්දෑ වළාකුලේ අටවක හද මඬලේ
මේ හැමතැන ඔබ සැඟවී සිටියා
මා පමණයි දුටු වේ
සපුමල් සුවදක් සේ
ලොව නිදි අඳුරු පැයේ සීපදයක් වැන්නේ
සවනත සනහා මා ලඟ උන්නා
රැය පමණයි දුටුවේ
සපුමල් සුවදක් සේ
සපුමල් සුවඳක් සේ යලි නෑ රැය යන්නේ
මහමෙර ලෙස ඔබ නොසැලී සිටියා
ඇයි මුලූ ලොව දුටුවේ
සපුමල් සුවදක් සේ...