සැප සම්පත්saepa sampath

Sapa Sampath

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
රඹුක්කන සිද්ධාර්ථ ථේරrambukkana sidhdhhaarthha thheera

Lyrics

(සැප සම්පත් නම් මිරිඟුව පස්සේ 
මිනිසත්කම නම් මල් පෙති පාගා 
යන මග කෙලවර අවසානේ 
කොයිබද නවතින්නේ...//)

සතර වියන තුල සැතපෙන දාකට 
සැප සම්පත් නෑ ලඟ ඉන්නේ 
මිනිස්කමේ ගුණ සුවඳයි පාවී 
පවනට මුසුවී වැලපෙන්නේ  
 
සැප සම්පත් නම්....
 
පොලවට පස්වෙන සියමල සිරුරේ 
අනියත බව ලොව දකින තුරා 
ගුණයහපත්කම් පිරි මිනිසුන්ගේ 
ලොවක් දකින්නට සිතනු එපා  

සැප සම්පත් නම්.... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.