සංතාප තැවුල් නම් මං වින්දා ජිවිතේsanthaapa thaewul nam man windhaa jiwithee

දුඹුරු ළමිස්සි - Santhapa Thawul Nam - Duburu Lamissi

Lyrics

සංතාප තැවුල් නම් මං වින්දා ජිවිතේ
පින්තාරු හාදකම් තනිකළා ආදරේ
හැන්දෑව ඉඩෝරේ ගිලිහුණා කදුලකින්
ගිම්හාන කවුළුවෙන් ඉගිලුනා ඔබ මගෙන් 

එදා සොදුරු හිතැත්තී වුණා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී මගේ දුඹුරු ළමිස්සි //

තරැ රෑක ගිමන්හල් තනිකමේ වරුගනන්
උඳුරන්න බැරි තරම් ආදරේ මහ මෙරක් 
හැමදාම හඩන ඇස් පේ වෙලා නුඹෙ නමින්
හදවතේ ගැඹුරු තැන් මියැදේවි තප්පරෙන්

එදා සොදුරු හිතැත්තී....//

කවිකාර මතකයෙන් නොදොඩාවි හෙට ඉදන්
තනි පාඵු අදුරකින් නවතින්න මට වරම් 
ඉදුරාම වෙනස් කම් ඉවසන්න හුරුකරන්
නොකියාම ජීවිතෙන් බොද වුණා නුඹෙ සුසුම් 

එදා සොදුරු හිතැත්තී....//

සංතාප තැවුල් නම්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.