සන්තාප මාවතේ සංවේදනා මැඳුරේsanthaapa maawathee sanweedhanaa maenduree

Santhapa Mawathe Sanwedana

Lyrics

සන්තාප මාවතේ සංවේදනා මැඳුරේ
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන්

තරුවක් ලෙසින් වැලපී හඞා රැයේ
දැරියක් හිදී තනිවී දෙමංතලේ
නොසැලී රැඳී කදුලක් ඇගේ නෙතේ
හඞගා කියයි නටඹුන් අතීතයේ

හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ
සිහිලැල් සිඳී හද විල් තලේ මගේ
සඳ තාරකා අදුරේ ගිලී ගියේ
ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.