සංසාරිනී ඇයි නිස්සාරනේsansaarinii aeyi nissaaranee

Sansarini Ai Nissarane

Music:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
Lyrics:
ශක්ති හෙට්ටිආරච්චිshakthi hettiaarachchi

Lyrics

(සංසාරිනී ඇයි නිස්සාරනේ...//)
ඇස් මානයේ හැම තිස්සේ දුවන්නේ
වස්සානයේ හිත රස්නෙන් ගහෙන්නේ
(සංසාරිනී ඇයි නිස්සාරනේ...//)

ළඟපාත හිතුණාට හද ළඟම නෑ
මන් එහෙම පින්සාර නෑ
සංසාරේ සරු වෙන්න දන් දෙන්න බෑ
දම් පාට හිත ගන්න බෑ

(පිච්චේ තැවේ හිත අනිවාරතේ...//)
නැතිවෙන්න නම් සිහින ඇයිදෝ පෙනෙන්නේ
නොලැබෙන්න නම් පපුව දුටුවත් පිරෙන්නේ

(සංසාරිනී ඇයි නිස්සාරනේ...//)
ළඟපාත හිතුණාට හද ළඟම....

මේ දැක්මන්.. පාරයි.. සීරෙයි
ඒ ඇසුරේ.. නොලැබෙයි.. නොදැවෙමී.. මා...

ළඟපාත හිතුණාට හද ළඟම....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.