සංසාරේ සරණතුරුsansaaree saranathuru

Sansare Saranathuru

Lyrics

සංසාරේ සරණතුරු මා සංතාප ගින්න නිවාලා
ඉරපාන නුඹයි අම්මා වඳිමි වඳිමි සදා //

අනේක ගැහැට වින්දා පුතුගේම සුවය හින්දා
නේත්‍රාද නොසැල උන්නා උණු කඳුළු මට නොපෙනේවා
භවයේ උපත  සැමදා අම්මා මටම ඕනා
මිණිපහන නුඹය මාගේ සදා සදා මා ප්‍රාණේ අම්මා

ලොව ජයගෙන එනවිට මා තුටු කඳුළු නෙතඟ උනනා
හඩාන වැටුණු දින මා මගේ ළඟම උන්නා
සයුරේ ගැඹුර විලසා අම්මාගේ හැඟුම් නොනිම්මා
මිණි පහන නුඹය මාගේ සදා සදා මා ප්‍රාණේ අම්මා

සංසාරේ සරණතුරු.............//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.