සංසාරේ පුරුදුsansaaree purudhu

Sansare Purudu

Lyrics

සංසාරේ පුරුදු සුවඳක් කියා 
සොයමි  සදා මේ දිවිය පුරා
ලංවී එදා මා ළඟ රැදිලා
වෙන් වි ගියා මා සිත පාරා
මට නුහුරු ඒ සුවඳ හුරු කර තියා
සංසාරේ පුරුදු සුවඳක් කියා 

මැවේ මැවේ මේ දෑසෙ මැවෙ
සෙනෙහේ පෙරදා සුවඳ තියේ
වෙන් වි අත මා වරද තියා
සඳවතියේ නෙතු කඳුලු තියා//

සංසාරේ පුරුදු සුවඳක් කියා 

දඟකාරිය සේ ලඟ මාගේ 
සොඳුරු සිනා ලඟ සුදු මුවඟේ
ලඟ නෑ අද මා දුරක ගියේ
සුසුමන් සිරකර මා මතකේ

සංසාරේ පුරුදු සුවඳක් කියා .......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.