Lyrics
සංසාරේ පෙර ආත්ම භවයක
මහින්ද මාහිමි පහස ලැබූ මේ නගරේ
යළි ඉපදෙන්න මා පින් කර ඇත්තේ //
තිසා වැවේ වැව් තාවුල්ලේ
ඔබ මා මිමිණූ සුපෙම් වදන්
අහස් ගැබට මුසු වී යළි මතු වී ආදා
භවයෙන් භවයට මගේම වන්නට
ඔබ පින් කර ඇතුවා
නිල් කෙත්වතු මහ යාය මැදින්
සන්මක් කළ අපි හක් සැන්දෑවක
ඉසුරුමුණියේ අපි භවුන් වඩා සිත් පහදා
භවයෙන් භවයට අපේම වන්නට
ඔබ පින් කර ඇතුවා
සංසාරේ පෙර ....