සංසාරේsansaaree

Sansare

Music:
ඇන්ටන් ශ්‍රියාන්aentan shriyaan
Lyrics:
ඇන්ටන් ශ්‍රියාන්aentan shriyaan

Lyrics

සංසාරේ කොඳ කැකුළු තලාවට 
පුන්සඳ පායන සේ කොමලි
සැන්දෑවේ හමුවන්නට ඇත්නම් 
ඒ සඳ සිපගන්නට කොමලි....
ආ... ආ... ආ...ආ...

සඳගිරවී ලං ලං වී පියඹා යන්නයි සිතුණේ
(සඳ කිඳුරියේ ගයන්න මා හද පුබුදන 
කවි ගී සෙනෙහේ පුදාලා)....//

සංසාරේ කොඳ......

මල් බරවී පල ගැනුනේ සිහිනෙන් මා දුටු සිහිනේ
(ඇස කඳුලැලි මකන්න හසරැලි දෙවන්න
නෙතඟින් මදෙස බලාලා)....//

සංසාරේ කොඳ......
ආ... ආ... ආ...ආ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.