සංසාරයක් තරම් දිගයිsansaarayak tharam dhigayi

Sansarayak Tharam Digai Ape Adare Ikkai Maai

Music:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
Lyrics:
දිලාන් දේවින්දdhilaan dheewindha

Lyrics

ස්වප්න අනන්තේ හිඳිනා මිහිරාවි මගේ
හද ගැඹුරේ සරණා පෙම් හුස්මයි ඔබ මාගේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ

නොරිස්සුම් සුසුම් උතුරනා ආඩම්බරී
සියුම් තැන් පවා ඇවිලුවා හදවතේ
ඇස් හැප්පිලා ඉහිරුනේ ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ

හැඟුම් අනන්තෙක ගුලිවී පපුතුරේ
ආදරෙන් ළං වෙලා සිපගත් මොහොතේ
කල්ප අනන්තෙට විහිදුනා ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ
සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ

හොහෝ... හොහෝ... අපේ ආදරේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.