සංසාර සිහිනේsansaara sihinee

Sansara Sihine

Music:
සනුක වික්‍රමසිංහsanuka wikramasinha
Lyrics:
උදාරි අමරතුංගudhaari amarathunga

Lyrics

සංසාර සිහිනේ පෙරමග මා සිටියා කවදාද නුඹ එන්නේ
ආදර දේදුන්නේ අඩවන් නෙතු විහිදා මා නුඹේ කුමරා 
සංසාර සිහිනයේ මා නුඹේ කුමරා 
මා නුඹේ කුමරා.....

පියමැන එන්න මේ සිහිනයේ සිරකාරිය වන්න
තුරුලට එන්න පවසන් නුඹ මගේමයි කියා කුමරී
පියමැන එන්න මගේ සිහිනයේ සිරකාරිය වන්න
තුරුලට එන්න පවසන් නුඹ මගේමයි කියා
සංසාර සිහිනයේ මා නුඹේ කුමරා 
(මා නුඹේ කුමරා.....///)

සිහින දකින්න මේ සිහිනේ හිමිකාරිය වන්න
දිවියට එන්න පවසන් නුඹ මගේමයි කියා කුමරී
සිහින දකින්න මගේ සිහිනේ හිමිකාරිය වන්න
දිවියට එන්න පවසන් නුඹ මගේමයි කියා
සංසාර සිහිනයේ මා නුඹේ කුමරා......

සංසාර සිහිනේ......
(මා නුඹේ කුමරා.....///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.