සංසාර සාගරේsansaara saagaree

Sansaara Sagare

Lyrics

සංසාර සාගරේ - ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙම්..
ඔබ නිසා පදවන්නෙමි..

ප්‍රදීපාගාරයක ආලෝක වලල්ලක් ගෙවාලා
ඔබ සිටින ගොඩ බිමෙහි - මං ලකුණූ දන්වන්න
නැංගුරම් ලන තැනක - පෙනෙන සේ ඔබ ඉන්න...

සංසාර සාගරේ...//

වෙරළවෙත සැපත් මා දෝත පා පිළිගන්න සිනාසී...
දුර්ග වූ ගමන්මඟ - විඩාගිනි දුරලන්න
යාත්‍රාව පදවන්න - මා සමඟ එක්වන්න

සංසාර සාගරේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.