සංකල්පනාsankalpanaa

Sankalpana

Music:
තීක්ෂණ අනුරාධthiikshana anuraadhha
Lyrics:
නෙතුනි වික්‍රමසිංහnethuni wikramasinha

Lyrics

සංකල්පනා හද සිත්තම් වෙලා 
රහසින් වගේ හිත හැඟුමන් පුරා
දැනුනා දිනෙක හමුවෙයි කියා 
නොදුටු නෙත් යුග මා සොයනා 

නෙතු මානයේ නැත 
ගිනි ගන්නෙ මේ හද 
සොයන්නේ ඔබෙ රුව 
විශ්වයේ...  විශ්වයේ...

එක් නොවූ සිහිනෙක 
අතරමං වී අපි 
ගෙවමු භවයෙන් භවේ 
නොහැර අත් බැඳී 
වෙන්වී හමුවී කියමු නැවතත් 
ඔබ මගේ මා ඔබේ 
සිහිනයේ රැඳුනු සේ 

නෙතු මානයේ නැත.... 

සංසාරයේ මේ දුර්ගයේ 
ඔබ ආවාදැයි මා සොඳුරී 
සෙනෙහසේ මංපෙතේ 
පියනගා සිත රිදී 

නොදුටූ හසරැල් 
මතකේ නෙතු කැන් 
සොයමි මා දිවිතුරා 
මතකයේ ඇති තුරා 

නෙතු මානයේ නැත....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.