සංහිඳේ දෙවියන්ගෙ පාමුලsanhindee dhewiyange paamula

Sanhinde Deviyange Pamula

Music:
සුනිල් දයානන්ද කෝනාරsunil dhayaanandha koonaara
Lyrics:
සුජීව හෙට්ටිතන්ත්‍රිsujiiwa hettithanthri

Lyrics

සංහිඳේ දෙවියන්ගෙ පාමුල කඳුළු තියලා එන වෙලේ 
වැව් කොනේ තනි එකා ඉඳලා දිවුල් හෙව්වද උඹෙ කුසේ 
අඳුර ඇඳගෙන ඇත්තු ඇවිදින හරිම මූසල මණ්ඩියේ 
වැවේ දෙවියනි මේ තියෙන්නේ අපි උදේ කෑ වැල් අලේ 

රැහැයියෝ ඔය ජප කරන්නේ වැදුම් ගෙදරක මන්තරේ 
පොඩි එකා ඇහැ පියාගන්නැති දකින්නට පෙර කිරි කලේ 
වී දෙපෑලක් උගස් කරලා ගෙනත් ඇති පංචායුදේ 
අලි හිතක් ඇයි අඩිය තිබ්බේ පොඩි පුතා සැතපුණු කුසේ 

කනාමැදිරියො එළිය නිවලා ගුලිවෙලා ඇති මගෙ පැලේ 
ගහක් මුදුනට හඳත් නැගලා බලා ඉන්නැති මර බයේ 
මිරිස් හේනක දුව පනින්නට පුතත් එක්කල මහ වනේ 
නංගියේ උඹ ඇවිත් යනවද හීනයක හෙට කළුවරේ

සංහිඳේ දෙවියන්ගෙ පාමුල....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.