Lyrics
සඟවන්න ඔය නිල් නුවන්
සැඟවෙන්න මගෙ ඇස් වලින්
ඔබ දුටුවෝතින් යළි
හිත වාවනු බෑ
අහසේ තරු නැති රෑ
සඳ එළියක් නැති රෑ
වළාකුළු අතරේ
සඟවන්න ඔය නිල් නුවන්
මගේ දිහා නොබලා
හමුවුනු ලංවුණු අප පෙම් කතන්දරේ
පැටළුනු දැවටුනු සිතුවිලි සිර කෙරුවේ
ආදරයේ බිඳුවක්වත් අඩුව නොවේ
දෛවයේ සරදම් අප වෙන් කෙරුවේ
සඟවන්න ඔය නිල්...
කීව කතා තුන් යාමේ මතක් වුනා
කඳුළු ගලා දුටු හීනය බොඳව ගියා
ජීවිතයම අප ළංවී හිඳිමු කියා
පැතූ පැතුම් අප දෙහදේ ඉකි බිඳිනා
සඟවන්න ඔය නිල්...
අහසේ තරු...