Lyrics
(සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනි දැල්
ඔබම කෙරේ සිත බැඳුණු දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම්...//)
සඳ එළිය වගේ ඇවිදින්
හද නොපැතු දිනක රහසින්
බැස නොයන් මසිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්
සඟවන්න එපා හසරැල්....
සිලි සිලිය පවා සුළඟින්
තනි මැකුවෙ ඔබේ සුවඳින්
මේ දිවිය අතර මගකින්
මඟ නතර නොකොට හිනැහෙන්
සඟවන්න එපා හසරැල්....//