Lyrics
සඳු නිදාගන්න එපා
අහසේ තරු මම ගණිනවා
හිරු අවදිවන්නට එපා
පිච්ච මල් මම නෙළනවා //
මුතු පින්න මගෙ ගතට වැටෙනවා
සුසුම් වැල් මල් සුවදේ දැනෙනවා
තරු එක්ක පිච්ච මල් පෙමින් බැදෙනවා
ජීවිතේ හිමිදිරිය වාගෙ මට දැනෙනවා
සඳු නිදියන්නට එපා .....
බටනලා හඩ දුරින් ඇසෙනවා
පාළු පැල අදත් අත වනනවා
පුංචි පුතු අවදි වී කිරි සිනා ඇසෙනවා
පිච්ච මල් වට්ටියට කඳුළු පැන් වැටෙනවා
සඳු නිදියන්නට එපා .....