Lyrics
සඳු හා මේ රාත්‍රි යාමේ
මුමුණන්නේ පෙර කී කතා
සඳු හා තරු මල් දිලේවී
නිල් අහසේ පීදිලා
සිහිනේ මා වෙලී
පෙනුනාදෝ යලි //
සඳකැන් පෙරා දුන් නිශා යාමයේ
සිතුවම් ගෙනාවේ අපේ ආදරේ
පිපි මල් වසන්තේ විහඟුන් ගෙනෙන්නේ
සැලෙනා පවන් රැල්ල ස්නේහේ කතා
සඳු හා ...
මතකේ රැදේවී ඇගෙ මල් සිනා
පායාවී දැසේ රුවන් තාරකා
විසිරී ගියාදෝ නොපැතූ විලාසේ
සැමදා හදේහී ඔබේ ආදරේ
සඳු හා ...