Lyrics
සඳෙන් එහා කඳු මුදුන් ඉමේ
හිමව් තලාවේ තුෂාරයේ
නුවන් ඇදී මා සිත දුර පාවේ
ඇය තනි වූ ඒ කුඩා පැලේ....
මා ඒ අතීතේ මේ මාවතේ
රෑ පාළු සීතේ ලා මීදුමේ
තනි වී ගෙවා ආ ඒ චාරිකාවේ
නොසිතූ ලෙසේ ඈ මා හමුවුණේ....
සඳෙන් එහා කඳු මුදුන් ඉමේ.../
දෑතේ වෙලීලා මා හා බැඳී
දෑසේ කතාවේ යාවී රැඳී
තනිකම නිවා දිවියේ පාළු යාමේ
පසුදා උදේ ඈ වෙන් වී ගියේ.....
සඳෙන් එහා කඳු මුදුන් ඉමේ .../