සැන්දෑ කළුවර ගලා හැලෙන විටsaendhae kaluwara galaa haelena wita

Sande Kaluwara

Lyrics

සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණ නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි
සැන්දෑ කළුවර ගලා...

කුරුළු කැදැල්ලක උණුසුම කැටිවුණු
අමා සුවය දෙන අතු පැල හෙවණේ
අසරණ වූ දා මට ඔබ පමණයි
මඳකට හෝ සැනසුම ගෙන දෙන්නේ

සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණ නිවෙස සොයා එමි
සැන්දෑ කළුවර ගලා...

පිබිදෙන ලොව හා තරග කරන්නට
හෙට අළුයම යළි පිටවිය යුතුවේ
ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම
ඔබේ හදට වැඩියෙම තව ළංවේ

සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණ නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි
සැන්දෑ කළුවර ගලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.