සඳයි තරුයි අහසේsandayi tharuyi ahasee

Sandayi Tharuyi Ahase

Lyrics

සඳයි තරුයි අහසේ පායාලා
සිඳුයි රැලියි විලස එක්වෙලා
මා නිබඳින් පැතු ඒ විලසින්
ඇගෙයි මගෙයි දෙහද එක්වෙලා

මා පෙරදා මගදී හමුවී
මදහස් රැලින් කියුව ආදරේ
ඈ නෙතඟින් ගෙපලූ වදනින්
තිර ආදරේක මැදුර බිහි උනේ

මා සැමදා ඉපිලි සතුටින්
පෙම් පුරාණයට ලියූ ගීතිකා
ඈ සවනේ රඳවා සැලවී
ගොළු ආදරේට ජීවේ යා කලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.