සැන්දෑවේ රන් වලාsaendhaewee ran walaa

Sandawe Ran Wala

Music:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana

Lyrics

සැන්දෑවේ රන්වලා
සයුරේ ගිලී පාවෙලා
අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ 
ඔබ ඇයි මග තනිවෙලා..//

හැදුනන්න බැරි වෙන්න සෙවනක් යටින් 
ඔබ ඉන්නේ කවූරුන්ද එනකන් ඉතින් 
මේ රැ ගෙවී නැවත හෙට වූ දිනේ 
සැනසුම් සුසුම් එවිනම්..

සැන්දෑවේ රන්වලා .../

කවුරුන් නිසාදෝ ඔබේ ජීවිතේ 
ගෙවන්නේ මෙසේ මහ රැ මාවතේ 
වරදක් සිතන්නාවූ මිනිසුන් කෙරේ 
දෙවියන් කමා කල මැනේ 

සැන්දෑවේ රන්වලා ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.