සඳවත අහසින්sandawatha ahasin

Sandawatha Ahasin

Lyrics

සඳවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ
නොකියම ඔය හිත උදුරන් 
යන්නට හිතුනා කෙල්ලේ
තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා
හැරදා නොයා...
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං
නොමිලෙම ලියා...

මගේ පාළු ජීවිතයේ තනියට තනිකම රැදුණේ
ඔය නුහුරු නෙතු බැල්මේ හුරු හිතවත්කම තිබුණේ 
තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා
 හැරදා නොයා...
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං
 නොමිලෙම ලියා...

දිගු නීල ඇස් රහසේ ඉගිලෙයි නොපෙනෙන මානේ
මගේ හීන මට ඕනේ කවදද ඔබ මගේ වෙන්නේ
තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා
 හැරදා නොයා...
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං
 නොමිලෙම ලියා...

සඳවත අහසින් වැටිලා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.