සඳත් ඉරත් නැතිsandath irath naethi

Sandath Irath Nathi

Lyrics

සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති
වනන්තරේ නැත තනියක්...
ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති
මිනිස්පුරේ ඇයි තනියක්...//

ගලා ගලායන ගඟේ පිරී දිය
ඇලේ දොලේ ඇසුරට වී
සිනාසිසි වන පෙතේ හිදී
රස දිදි රුවන් තුඩ ඇතිරී...

සඳත් ඉරත් නැති...//

‍සොබා දමේ දැඩි සිහිල් නිසංසල
සුවේ විදි ‍ලොව සිතුසේ...
ඔබේ මගේ රැල බෙදී බිදීයන
සුළං කැරැල්ලේ දුකසේ...

සඳත් ඉරත් නැති...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.