සඳට අහස ආදරේ sandata ahasa aadharee

Sandata Ahasa Adare

Music:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
Lyrics:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

Lyrics

සඳට අහස ආදරේ දෝ...
මලට බමරු ආදරේ දෝ...(නෑ නෑ...)
දෙනෙතට වත ආදරේ දෝ...
සොඳුරියෙ මට ආදරේ දෝ..//(නෑ නෑ...)

සිලහිස මල් තුරුලිය සුරකින්නේ
ආදරෙන් නේදෝ...
දුහුවිලි පිස මැණිකක් අහුලන්නේ 
ආදරෙන් නේදෝ...
ඔබ මගෙ හදවත් කුටියට එන්නේ
ආදරෙන් නේදෝ...(නෑ නෑ...)

සයුරෙහි දිය කඳුලක් තරමින් වත්
ආදරෙයි නේදෝ...(නෑ නෑ...)
එහෙනම් මා මුමුණන ගී පද 
පෙරලා යලි කියනව දෝ...

මද සහනයි (සඳ පහනයි)
පද මවනයි (මද පවනයි)
වසර සසන තුරු (සසර වසනතුරු)
අම මාදරෙයි (මම ආදරෙයි)
මම ආදරෙයි...හ්ම්..හ්ම්....
මම ආදරෙයි...හ්ම්..හ්ම්....
මම ආදරෙයි...හ්ම්..හ්ම්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.