Lyrics
සදට ආදරෙයි කියලා
බිඳු කදුලින් දෙනෙත වසා
සද සාවිය සෑගවුනා රෑයේ
හඩන සිතක් ලගට වේලා
සිහින දෙව්දුවක් සිටියා
සදමල් පරවුනා ඒ රෑයේ
රෝස මලක සුවද උරා
සදළු තලෙන් වදිනු බලා
සුරංගනා කතා ඇසේවි...
තරුමල් තුරුලටම වෙලා
කදුලැල් පුරවන්න එපා
පෙම් කළ හිත දුකින් පිරේවි
සදට ආදරෙයි කියලා ...//
හෙට උදයෙත් පායයි හිරු
ඔබමි ඒ රෑටත් සදු
කදුලට පෙම් කළා මට ඇති
සියතුන් ඉගිලෙන රෑකට
සොදුරු සිතින් පියාබන්න
සදමල් යලි යලිත් පිපේවි...
සදට ආදරෙයි කියලා...//