සඳරේණු ඔබෙ නයනේ බැඳි ආදරේ සිහිලේsandareenu obe nayanee baendi aadharee sihilee

Sandarenu Obe Nayane Bendi Adare Sihile

Lyrics

සඳරේණු ඔබෙ නයනේ
බැඳි ආදරේ සිහිලේ
සුවඳින් පිරි කුසුමක් ලෙසේ
මගෙ ආදරේ රැදුනේ......
 
තරු හා එතී
සඳ හා වෙලී
සැඟවී ඔබයි සිටියේ 
හිත ආදරේ පැතුමන් පුරා
රහසේ ඔබයි ආවේ......

හසරැල් සලා මා දෙස බලා
පවසන්න සිත සෙනෙහේ
මගෙ ලෝකයේ දිලෙනා සදා
සඳ වෙන්න හද අඹරේ......

සඳරේණුවේ මගෙ ආදරේ
නොමසන්න කිසිදා
පිපිලා මගේ හද අසපුවේ
හිනැහෙන්නෙ ඔබ සැමදා
සුසුමන් හෙලා කඳුලැල් සලා
ඔපලන්න යලි කිසිදා
සංසාරයේ අපි ආදරෙන්
ඉඳිමු සදා බැඳිලා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.