Lyrics
(සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කළේ....//)
ඔය දෑස දුටු දා සිත මාගේ බැඳුණා
පෙර සංසාරයේ සිටම පෙරුමන් පිරූ ලෙසේ
(සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කළේ....//)
(මගේ පාළු මැදුරේ පහනක් විලාසේ
ඔබ ඒවිදෝ මා සනසාවිදෝ....//)
සුදු සේල දවටා අතැඟිලි බැඳී
තුරුලේ හොවා මා කැඳවා යමි
මගේ දෑස වාගේ සසර පුරා රකිමි සදාකල්
සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කළේ....
(මනමාල යහනේ මනමාලකම් පෑ
දුටු මාගේ සිහිනේ බොඳ වී ගියා....//)
මට අදහන්න බෑ සිත පිළිගන්නේ නෑ
අද මාගේ නොවී ඔබ අන්සතුයි කියා
මතු භව හීනේදී මගේ වෙන්න පතමි රෑ දිවා
සඳපාන සේ දිලේ මගේ නෙත් වශී කළේ....
සඳපාන සේ දිලේ....