සඳනාරී (හුස්මේ සැමදා)sandanaarii (husmee saemadhaa)

Sandanari (Husme Samada)

Music:
යසස් මැදගෙදරyasas maedhagedhara
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

හුස්මේ සැමදා රැඳුනා සඳනාරී උපමා මැවුණා
වැස්සේ සිතු සේ තෙමුණා කිඳුරාවී මනසේ ඇඳුණා
නෙතු යාවී බැඳීලා සදා හීන ගානේ රැයේ පවා‍
සඳ සේයා වතේහි මවා පිනි සීතේ දැනේවි කතා

සුසුම් අංශු පාසා සුපෙම්වන්ත ආශා 
රෑක මදනල ගවසාලා හැඟුම් රංචු වීලා
රැයේ පින්න පීරා නීල ඇසිපිය සලලා
සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා
නාරී සදා මාගේ වීලා
නෙතු යාවී බැඳීලා සදා හීන ගානේ රැයේ පවා‍
සඳ සේයා වතේහි මවා පිනි සීතේ දැනේවි කතා

රැඳී ඉන්න මා හා සුපෙම් බැල්ම පාලා
සේද රතදර මුමුණා රැයේ නින්දෙ පායා 
මවා දුන්නු සේයා දෑත සසරෙම අමුණා
සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා
නාරී සදා මාගේ වීලා
නෙතු යාවී බැඳීලා සදා හීන ගානේ රැයේ පවා‍
සඳ සේයා වතේහි මවා පිනි සීතේ දැනේවි කතා

හුස්මේ සැමදා.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.