Lyrics
(සඳළුතලේ නිල්මිණි දල්වා
හද කළඹයි නාමල් පුබුදයි
ඔබ ඈතයි මා දිළිඳු නිසා
සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා)..//
යන්නට කැන්දා
අඳුරු වූ සිත මගෙ නොනිදි රැයේ
එලිය ඔබෙන් පතයි නගේ
විඩා බරවූ අඩවන් දෙනෙතේ
ඔබෙ රුව මැවුනේ සිත් සහනේ
සඳළුතලේ නිල්මිණි දල්වා.../
යන්නට කැන්දා
පුන්සඳ නැගුනේ මේ රැයේ
ඔබ මා අසලයි මට දැනේ
ඔය නෙතු හා යාවෙන පැයේ
අවදි නොවෙන්නේ පෙම් හීනේ
අවදි නොවෙන්නේ පෙම් හීනේ
සඳළුතලේ නිල්මිණි දල්වා.../
යන්නට කැන්දා