සඳ පායන්නේ නැති කලෙකsanda paayannee naethi kaleka

Sandalu (Sanda Payanne Nathi Kaleka)

Lyrics:
දමිත් අසංකdhamith asanka

Lyrics

සඳ පායන්නේ නැති කලෙක මගේ ජීවිතේ
නුඹ ආලෝකේ ගෙන ආවා සඳවතිය සේ
මට පිලිගන්න බැරි තරමේ පුද දුන් සෙනේ
මම රැක ගනිමි කුමුදිනිය පණ මෙන් මගේ
සදළු .... සදළු .... සදළු .... ඒ පුර සඳ නුඹලු

සිතත් එක්ක ගිය වන්දනා ගමනේ
සොඳුරු නැවතුම නුඹයි දිවි අරණේ
රකිමි පණ මෙන් දුන්නු පෙම සඳුනේ
රැය එකළු කළ සඳවතිය නුඹනේ

 පැතුම් පොදි බැඳන් මහාමෙරක් තරමේ
සංසාර පුරුද්දට මුණගැහුණේ පුදුමේ 
වඳිමි නිල් නෙතු දහම මෙන් දිවියේ
මගෙම වී ළඟ ඉන්න සඳවතියේ 

සදළු .... සදළු .... සදළු ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.