සඳක් සදිසිsandak sadhisi

Sandak Sadisi

Lyrics

සඳක් සදිසි ළඳක් රුවැති ලැසි ගමනින් එන
අසන්නට හිතෙයි ඇයගෙන් වතගොත යන තැන

මුතු වරුසා වත සරසා මැදියම් හිරු රැසේ
කොහි සිට කොහි යනවද ඔබ මොනවද ඔය හිසේ

ගියොත් කෙනෙක් යළිත් නො එන තැන ඇති කුඹුරක
පියා සී සායි මම බත ගෙන යමි හනිකට

සොහොන් බිම අසල කුඹුරක වෙහෙසෙයි තම පියා
ඔහුට ඇඹුල ගෙන යන ඔබ කියන් කවු ද කියා

පමා වේය හිමියනි මම ඔබගෙන් සමු ගමි
නොමැරෙන යම් කෙනෙක් වේද ඒ නම මට හිමි

අමරා දේවී - ඔබ අමරා දේවී
නැණවත් දේවී - ඔබ අමරා දේවී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.