සඳයි තරුයි නිසංසලේsandayi tharuyi nisansalee

Sandai Tharui Nisansale

Music:
සනත් නන්දසිරිsanath nandhasiri
Lyrics:
අරුණ මුදුන්කොටුවaruna mudhunkotuwa

Lyrics

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා...//

මල් යායේ බඹරු නටයි ලොවම ලස්සනයි
සිත් දෑලේ සිතුම් පෙළයි සිහින ලෝකයයි...//
බිඟු නාදේ මධු වෑහේ එකම ගීතයයි
මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා...

කඳු යායේ බොඳ මීදුම් සළු රටා දිගේ
දසුන් මැවේ මායාවකි එයද මට අගේ...//
හමුවූවේ වෙන්වන්නද හද සුසුම් නැගේ
වෙන්වූවේ හමුවන්නද යළි සසර මගේ

සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.