සඳ වාගේ ලස්සනයි ඔයාsanda waagee lassanayi oyaa

Sanda Wage Lassanai Oya

Lyrics

සඳ වාගේ ලස්සනයි ඔයා
තරු වාගේ සුන්දරයි ඔයා
සඳ වාගේ තරු වාගේ
මගෙ පාළු දුරලන් ඔයා //

අරුණලු නැගෙනා මදහස දිලෙනා
හිරු සේ පායා මට සුව ගේනා //
සිහින සැබෑවෙන මතුයම් දවසක
දෙසිතම යාවෙනවා මා ඔබගෙම වෙනවා

සඳ වාගෙ ....

රන් සලු පටලා අතැඟිලි බැඳලා
යනතුරු සැබැවින් හිත වද දෙනවා //
අඳුරු පහන් කුස කළුවර වුවත්
ඔබට එළිය දෙමි මා ඔබෙ පතිනිය වෙමි මා 

සඳ වාගෙ .... //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.