සඳ සාවිsanda saawi

Sanda Savi

Music:
තාරක හසන්තthaaraka hasantha
Lyrics:
ධම්මික අලුත්ගමdhhammika aluthgama

Lyrics

සුසුමක් තරම්වත් දුර යන්නෙපා 
නෙතු මානයේ හැර සැඟවෙන්නෙපා
මගේ සිහින රැක ගන්න පණ සේ සදා 
දිවි ඇති තුරා ආදරෙන් ඉන්න ලංවෙලා 
(සඳ සේ වෙලා සිත් අහස පුරා 
සඳ සාවි නුඹයි සදා...//) 

(නෙතඟින් බලා පෑව හසරැල් සිනා 
තනිවුනු මගේ සිතට සෙනෙහසදී ඔයා...//) 
පැතුමන් සිතේ දිවි ඇති තෙක් මගේ
සැනසෙන්න විඳගන්න ඔබෙ ආදරෙන්  
(සඳ සේ වෙලා සිත් අහස පුරා 
සඳ සාවි නුඹයි සදා...//) 

(සිහිනෙන් පවා ආදරෙන් ලංවෙලා 
මගෙ උණුහුමේ නිදන සඳ සාවි ඔයා...//)
දෙතොලින් ඔබේ සිප ගනිමි ආදරෙන් 
සැනසෙන්න විඳගන්න ඔබෙ ආදරෙන්  

සුසුමක් තරම්වත් දුර යන්නෙපා.... 
සඳ සේ වෙලා සිත් අහස පුරා 
සඳ සාවි නුඹයි සදා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.