සඳ රේණු ඇති රෑකsanda reenu aethi raeka

Sanda Renu Athi Raka

Music:
චතුරංග ඩිසිල්වාchathuranga disilwaa
Lyrics:
සම්පත් ප්‍රනාන්දුපුල්ලේsampath pranaandhupullee

Lyrics

සඳ රේණු ඇති රෑක ඔය දෑස සිපගන්න 
ආවා... මං ආවා... 
මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේද 
කීවා... ඔබ කීවා...

සුසුමක්ව ළඟ ඉන්න නෙතු ගාව ඉගිලෙන්න 
හැමදාම මගේ ලෝකයේ...
හුරතල් වී මා ළඟම තුරුලේම පවසන්න
මං ඔබට හරි ආදරෙයි...

සඳ රේණු ඇති රෑක... /

කවි සින්දු මුමුනන්න දුක් ගින්න මට දෙන්න 
සැනසෙන්න මිහිරාවියේ 
ඔය උකුලේ මියැදෙන්න කවදාක හැකිවේද 
මා පැතුම එයමයි ප්‍රියේ...

සඳ රේණු ඇති රෑක... /

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.